ජලභීතිකාව Awareness 1.pptxjwbwjsjsbshhshshwbsh

microworldmicomail 15 views 28 slides Sep 12, 2025
Slide 1
Slide 1 of 28
Slide 1
1
Slide 2
2
Slide 3
3
Slide 4
4
Slide 5
5
Slide 6
6
Slide 7
7
Slide 8
8
Slide 9
9
Slide 10
10
Slide 11
11
Slide 12
12
Slide 13
13
Slide 14
14
Slide 15
15
Slide 16
16
Slide 17
17
Slide 18
18
Slide 19
19
Slide 20
20
Slide 21
21
Slide 22
22
Slide 23
23
Slide 24
24
Slide 25
25
Slide 26
26
Slide 27
27
Slide 28
28

About This Presentation

Hello


Slide Content

ජලභීතිකාව පිළිබද දැනගත යුතු දේ Level 3

ජලභීතිකාව ඇතිවන්නේ වෛරසයක් මගිනි සාමාන්‍යයෙන් සුනඛයකු හෝ වෙනත් සතෙකුගේ සපා කෑම මගින් ජලභීතිකා වෛරසය ඔබගේ ශරිරයට ඇතුලු විය හැකිය ජලභීතිකාව සතකුගෙන් සතෙකුට පැතිරිය හැකිය ජලභීතිකා වෛරසය ඔබගේ ශරිරය අකර්මන්‍ය කරයි ඔබට ජලභීතිකා රෝගය වැළැක්විය හැකිය

මෙම සතුන් ජලභීතිකාවට ගොදුරු විය හැකිය : බළලා සුනඛයා ගවයා අශ්වයා මුගටියා ඔවුන් සියලු දෙනාම කිරිබී වැඩෙන සතුන්ය

කිරි බී වැඩෙන සතුන්ට පමණක් ජලභීතිකාව වැලදිය හැකිය කිරි බී වැඩෙන සතුන් උණුසුම් රුධිරය ඇති සතුන්ය ඔවුන්ගේ සම මත ලෝම ඇති අතර සජීවී පැටවුන් බිහිකරති

මෙම සතුන්ටද ජලභීතිකාව වැලදිය හැකිය : වවුල් කන් ඇති නරියා පිට කළු හිවලා අප්‍රිකානු කෑලෑ සුනඛයා වවුලා හයිනා ඉතියෝපීයානු වෘකයා

මෙම සතුන්ට ජලභීතිකාව වැලදෙන්නේ නැත : ඔවුන්ගෙන් ඔබට ජලභීතිකාව වැලදෙන්නේ නැත මාලුන් පක්ෂින් උරගයින් ඔවුන් කිරි බී වැඩෙන සතුන් නොවේ සර්පයන් කිඹුලා

සතුන් සහ මිනිසුන් ජලභීතිකා රෝගයට ගොදුරු වන්නේ කෙසේ ද? ඛේටය හරහා සපා කෑම මඟින්, ලෙවකෑම මඟින්, සීරීම මඟින් රුධිරය මලපහ මුත්‍රා ජලභීතිකාව වැළදුනු සතුන් ස්පර්ශ කළ පමණින්ම ජලභීතිකාව වැලදීමේ හැකියාව ඉතාමත් අඩුය

ජලභීතිකාව වැළදුනු සතකු ඔබව සපා කෑමෙන්, ජලභීතිකා වෛරසය ඔබ ශරිරයට ඇතුළුවීමට හැකිය ජලභීතිකා වෛරසය මධ්‍යම ස්නායු පද්ධතිය ආසාදනය කරයි එමගින් ඔබගේ ශරිරය අකර්මන්‍ය කරයි මොලය සුශුම්නාව

ඇතැම් වෛරස හානිදායක නොවේ . එනමුත් ඇතැම් වෛරස ඔබව රෝග වලට ලක්කර හැකිය . උදාහරණ ලෙස මානුශ ප්‍රතිශක්ති ඌනතාව , පැපොල සහ උණ රෝගය වෙවරස මඟින් ඇති කරයි වෛරස ආසාදනයෙන් පසුව එම වෛරසය ජිවත් විය හැකි සෛල තුලට ඇතුළු වී සංඛ්‍යාවෙන් වැඩිවේ . ඉන් පසු වෙනත් සෛලයකට ඇතුලුවී එම ක්‍රියාවම සිදු කරන අතර මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වේ මෙම ආකාරයටම ජලභීතිකා වෛරස ද සිය ක්‍රියාවලිය සිදු කොට ඔබත් ජලභීතිකා රෝගයට ලක් කරයි

ජලභීතිකා වෛරසය ස්නායු සෛල තුලට ඇතුලුවේ . ස්නායු සෛලය මධ්‍යම ස්නායු පද්ධතියේ කුඩාම සෛලයයි . ජලභීතිකා වෛරසය ගුණනය වී තවත් සුනායු සෛලයකට ඇතුලු වෙයි . ඉන් අනතුරුව මෙම වෛරසය මොලය තුලට ඇතුලු වෙයි ජලභීතිකා වෛරසය මොලය තුලට ඇතුලු වීමෙන් පසුව මොලය ඉදිමිමකට ලක් කරයි. ජලභීතිකාවට ලක්වුනු පුද්ගලයෙකු සිහිය නැතිවී ඉන් අනතුරුව මරණයට ලක් වෙයි අයහපත් යමක් සිදුවී ඇති බව දැන ගැනීමට පෙර මාස කිහිපයක කාලයක් ගතවිය හැකිය

යම් සතකුට ජලභීතිකාව වැලදී ඇති බව ඔබ සිතන්නේ නම්, එම සතා ඇල්ලීමේන් හෝ එම සතාට ආහාර දීමට ඉදිරිපත් වීමෙන් වලකින්න මේ පිළිබඳව වැඩිහිටියන්ව දැනුවත් කරන්න . එවිට පශු වෛද්‍ය නිලධාරිවරයාට කතා කොට එම සතා පිළිබද අවශ්‍ය කටයුතු කරනු ඇත

මෙවැනි අවස්ථාවක සිටින සතුන්ට කිසිවිටකත් හිරිහැර කරන්න එප ා : නිදා සිටින සතුන් ආහාර ගන්නා සතුන් කුඩා පැටවුන්ට කිරිදෙන සතුන්

වන සතුන්ගෙන් ඇත්වී සිටින්න වන සතුන්ට ආහාර ලබාදීම මගින් ඔවුන් තමා කරා පැමිණිම උනන්දු කරන්න එපා ඇතැම් විට එම සතුන් ඉතාමත් හීලෑ ලෙස ඔබට එම සතුන්ට ආසන්න වීමට ඉඩ ලබාදිය හැකියි . එහෙත් අමතක කරන්න එපා එය වන සතුන්ගේ සාමාන්‍ය හැසැරීම නොවන බව - මෙය යම්කිසි අයහපත් හේතුවක් නිසා විය හැකිය වන සතුන්ගේ අසාමාන්‍ය හැසිරීමක් දුටුවහොත් එය ආසන්න පශු වෛද්‍යවරයාට හෝ වැඩිහිටි අයෙකුට දැනුම් දෙන්න

ඔබ නොදන්නා සතුන්ගෙන් ඇත්වී සිටින්න මතක තබා ගන්න …. අයාලේ යන සතුන් ජලභීතිකා රෝගය සඳහා එන්නත් ලබාදී නොමැති විය හැකිය

ඔබ ආසන්නයට සුනඛයෙක් පැම්ණෙන්නේ නම් : කෙලින් සිට ගන්න ඔබගේ දෙඅත් පහලට දමා අත්ල නමා ගන්න සුනඛයා ඉවතට යනතුරුම එසේ කරන්න ඔබ ගසක් යැයි සිතා ගන්න, ඔබගේ දෙපය දෙස බලා සිටින්න ශබ්ද නොකරන්න ඔබ දන්නා ඉහලම අංකයට හිතින් ගනින්න, නැවත නැවතත් එසේ කරන්න

සුනඛයකු ඔබට පහර දෙන්නේ නම් : හිස පහතට නවා බෝලයක් ලෙසට ගුලීවී සිටින්න ඔබගේ අත්ල ගෙල පිටිපසින් තබාගන්න ඔබ ගලක් යැයි සිතන්න නිසලව නිශ්ශබ්දව සිවින්න

සැපුම් තුවාලය සබන් දමා ගලායන ජලය විශාල ප්‍රමාණයකින් ඉතාමත් හොදින් සෝදන්න වැඩිහිටියකුට වහාම පවසන්න වෛද්‍යවරයෙකු වහාම හමුවන්න ඔබව සුනඛයෙක් සපාකෑවොත් : වෛද්‍යවරයා විසින් ඔබව ජලභීතිකා රෝගය වැලදීමෙන් වලක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත

වෛද්‍යවරයා විසින් : සැපූ තුවාලය නිසි ආකාරයට පිරිසිදු කරනු ඇත ජලභීතිකා එන්නත ලබා දෙනු ඇත ජලභීතිකා එන්නත ලබාදීම මගින් ජලභීතිකා වෛරසය විසින් ඔබගේ ශරිරයට හානි කිරීම වලක්වාලයි වෛද්‍යවරයා විසින් පවසන සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කිරීම ඉතාමත් වැදගත් වෙයි

ඔබගේ සුරතලා සපාකෑමට ලක් වුයේ නම් : එම සුරතල් සතා වහාම පශු වෛද්‍යවරයා වෙත ගෙන යන්න . පශු වෛද්‍යවරයා විසින් කලයුතු සුදුසුම දෙය තිරණය කරනු ඇත

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? 1 ඔබගේ සුරතල් සත්වයා වසරකට වරක් එන්නත් කරවා ගන්න. එමගින් , එම සතාට , අනෙකුත් සතුන් සහ මිනිසුන්ට ජලභීතිකාව බෝ කිරීම වලක්වා ගත හැකිය

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? 2 නිසියාකාර රැකබලාගැනිමක් නොමැති අයාලේ යන සතුන් ගණන අවම කර ගැනීම සඳහා ඔබගේ සුරතල් සත්වයා සැ ත් ක ම ක ට ලක්කරවා ගන්න

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? 3 ඔබගේ සුරතලා අයාලේ යාමට ඉඩ නොහරින්න . මෙමඟින් එම සුරතලා ජලභීතිකා රෝගයට ලක්වුනු සතුන්ගේ සපාකෑමට පක්වීමට ඇති ඉඩකඩ අඩුකරයි

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? 4 කසල බදුන් පියනකින් වසා තබන්න . ජලභීතිකාව වැලදුනු අයාලේ යන සතුන් සහ වනසතුන් කසල මඟින් ඔබගේ නිවස වෙත ඇදගැනීමට ඉඩක් ලබා දෙයි

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? 5 අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ට ජලභීතිකාව බෝ කළ හැකි අයාලේ යන සතුන් ඉවත් කිරිමට උපකාර ලබා ගැනීම - අදාල නිලධාරීන් විසින් ආරක්ෂාකාරී ලෙස අයාලේ යන සතුන් ප්‍රමාණය අවම කිරීමට කටයුතු කරනු ඇත

ජලභීතිකාව වලක්වා ගන්නේ කෙසේ ද ? සුරතල් සත්වයා එන්නත් කරවා ගන්න පැටවු නො ලැබීමට සැත්කමකට ලක්කරවා ගන්න ඔබගේ සුරතලා අයාලේ යාමට ඉඩ නොහරින්න කසල බදුන් පියනකින් වසා තබන්න අයාලේ යන සතුන් ඉවත් කිරිමට උපකාර ලබා ගන්න

ඔබ දැන සිටියාද? වසරකට 55000 කට අධික මින්සුන් සංඛ්‍යාවක් ජලභීතිකාව නිසා මියයන බව ජලභීතිකාවෙන් මියයන මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ජලභීතිකාව වැලදුනු සුනඛයන්ගේ සපා කෑමට ලක් වී ඇති බව සුනඛ සපාකෑමකට ලක්වන වැඩි ප්‍රමාණයක් අවුරුදු 15 ට අඞු අය බව ජලභීතිකා රෝගය සඳහා ප්‍රතිකාර නොමැති බව මිනිසුන්ගේ සහ සතුන්ගේ ජලභීතිකාව වැලැක්විය හැකි බව

ඔබට ජලභීතිකාව නැවැත්විය හැකිය ! ජලභීතිකාව ඉතිහාසයට එක් කරමු

පාසල ් ජලභීතිකා මර්ධන කවය එක්ව දුරලමු ජලභීතිකාව
Tags